Thursday, February 9, 2012

Wrong Turn (I) (2003) | භයානකයි, නොදන්නා පාරක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්.  මේ මූවී එක කොතරම් ජනප්‍රිය වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඒ නිසා තමයි ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන් නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්. මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington [Chris Flynn] නම් තරුණයා මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා. එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත් කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන් අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට බලාගන්න පුලුවන්.


ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!


චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
 700 MB


සිංහල උපසිරැසි මෙතනින්

No comments:

Post a Comment