Tuesday, February 7, 2012

Red Cliff (2008) | මහා සංග්‍රාමය

හලෝ යාලුවනේ,  කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ වාර්තා තබා තිරගත වී තිබෙන්නේ මීට කලින් ආසියාවේ වැඩිම මුදලක් ඉපැයූ Titanic එකේ වාර්තා කඩ කරමිනුයි. ඔබ මීට කලින් 300 සහ Immortals (2011) වැනි මූවී වලට කැමති කෙනෙක් නම් මේ මූවී එකට අනිවාර්යෙන්ම කැමති වෙයි. ඒ වාගේම මේකේ රඟපාන නළු නිළියන් අපි එතරම් දැක පුරුදු නොමැති වුනාට, මේක අධ්‍යක්ෂණය කල john woo අපි කව්රුත් හොඳින් දන්නා පුද්ගලයෙක්. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය සුපිරි චිත්‍රපටයක් වන Face off චිත්‍රපටය ඔබ නරඹා ඇති. මේ මූවී එකේ තාක්ෂණය ගැන කියනවානම් යාලුවනේ, ඉතා ඉහල තාක්ෂණයක් යටතේ මේ මූවී එක නිර්මාණය කර තිබෙනවා.
මේකේ කතාව ගැන කියනවානම්.. කතාව මේකයි. චීනයේ එක් අධිරාජ්‍යක මහ ඇමති වන ‘කාඕ කඕ’ චීන රාජ්‍ය එක්සේසත් කිරීමට යයි සිතා අනිකුත් රාජ්‍යන් එකින් එක ආක්‍රමණය කරනවා. එක් රාජ්‍යක ජීවත් වන ‘වූ’ නම් රජතුමා සහ තව රාජ්‍යක ජීවත් වන ‘ලී බේ’ නම් රජතුමා එක්ව මොහුට විරුද්ධව සටන් වදිනවා. නමුත් මොවුන් දෙදෙනාගේම සිටින සොල්දාදුවන් එකට එකතු කලත් සිටින්නේ 70,000 ක් පමණයි. නමුත් මහ ඇමතිගෙ සොල්දාදුවන් සංඛ්‍යාව 500,000 ඉක්මවනවා. ඔවුන්ගෙන් අන්තිමට දිනන්නේ කවුරුද යන්න මේ movie එක අවසානයේදී ඔබට බලාගන්න පුලුවන්.
තව එක දෙයක් ගැන කියන්න ඕන. මේ movie එක පැය 4 කටත් වඩා දිවෙන movie එකක්. එම නිසා මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කොටස් දෙකකට, ඒ කියන්නේ Red Cliff (2008) සහ Red Cliff II (2009). බයවෙන්න එපා…මම පහත දී තිබෙන 816 mb ටොරන්ට් එකේ එම කොටස් දෙකම english subtitle එක්කම movie එක තිබෙනවා.
 මෙතනට කොටන්න

No comments:

Post a Comment