මේ
බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා
තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච
මූවී එකක්. මේ මූවී එක කොතරම් ජනප්‍රිය
වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඒ නිසා තමයි
ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී
අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට
නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ
චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ
එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී
එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ
මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක
කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන්
නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්.
මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington [Chris Flynn] නම් තරුණයා
මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා.
එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත්
කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන
එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන්
අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට
බලාගන්න පුලුවන්.
ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!
චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
700 MB
සිංහල උපසිරැසි මෙතනින්
මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප
මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදීත් අපේ අසල්වැසි රට සුළි කුණාටුවක්
නිසා පීඩා විඳිනවා. ඔබට නිකමටවත් හිතුනාද…ගොඩබිමේදි මෙතරම් දරුණු සුළි
කුණාටු මුහුදේදී කොතරම් දරුණු වෙනවාද කියලා. මෙම movie එකේ තියෙන තව
විශේෂත්වයක් නම් මෙය අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයක් වූ සිනමා
සිත්තමක් වීමයි. 1991 දී නැගෙනහිර ඇමරිකානු වෙරළ කළඹා මිනිස් ජීවිත සහ කෝටී
ගණනක් වටිනා දේපල විනාශ කර හඹා ගිය සුළි කුණාටුව පාදක කරගෙන මෙම movie එක
නිර්මාණය කර තිබෙනවා. මුහුදු යන ධීවරයන් පිරිසක් වටා ගොතා ඇති මෙය ධීවරයන්
විඳින දුක මැනවින් විදහා දක්කනවා. මෙය හොඳම ශබ්ද සංකලනය සහ හොඳම දෘශ්‍ය
ප්‍රයෝග වෙනුවෙන් Academy Awards වලට නිර්දේශ වී තිබෙනවා. ඒ වාගේම මෙය ඇ.ඩො
මිලියන 140 වැනි දැවැන්ත නිශ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර තිබෙනවා.
කතාවේ අන්තර්ගතය ගැන කියනවානම්..කතාව මේකයි. බිලී සහ ඔහුගේ පිරිවර මාලු
ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරගෙන යන පිරිසක්. නමුත් ඔවුන්ගේ අවසාන ගමන්
කිහිපයේදී ඔවුනට සිතූ තරම් මාලු නොලැබී යනවා. එම නිසා ඔවුන් මෙවර තමන් මාලු
අල්ලන්න යන සුපුරුදු ස්ථානය වෙනස් කර වෙනත් තැනකට මාලු ඇල්ලීම සදහා පිටත්ව
යනවා. ඒ අතරතුරේ තමයි….මම ඉහත සදහන් කල සුළි කුණාටුවට ඔවුනට මුහුනදීමට
සිදුවන්නේ. ඔවුන් එම බාධකය මගහැර තම ජීවිතය රැක ගැනීමට හැකිවූවාද? නැද්ද?
යන ප්‍රශ්නවලට ඔබට මේ movie එක අවසානයෙදී උත්තර හම්බවෙයි. මෙහිදී ධීවරයන්
මුහුන දෙන ප්‍රශ්න, ඔවුන් මුහුනදෙන දුක් කම් කමටොලු සහ ඒවා පරයා නැගෙන
ඔවුන්ගේ සමගි බව, එකමුතුකම මැනවින් විදහා දැක්වෙනවා.
යාලුවනේ…මේ movie එකේ ඉන්නේත් සුපිරි තරු ටිකක්..බිලී ගේ චරිතයට පන පොවන
George Clooney [ocean series කතා මාලාවේ], බොබීගේ චරිතයට පන පොවන Mark
Wahlberg [the fighter කතාවේ] ඇතුලු නලු නිළියෝ රැසක් මෙහි රඟපානවා. මේ එක
නොබලපු අය බාගෙන බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ එක බැලුවාට පස්සේ ඔබගේ හිතේ
ධීවරයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය සුළු වශයෙන් හෝ වෙනස් වේවි.
චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
700 MB
සිංහල උපසිරැසි මෙතනින්
හලෝ යාලුවනේ, කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ වාර්තා තබා තිරගත වී තිබෙන්නේ මීට කලින් ආසියාවේ වැඩිම මුදලක් ඉපැයූ Titanic එකේ වාර්තා කඩ කරමිනුයි. ඔබ මීට කලින් 300 සහ Immortals (2011) වැනි මූවී වලට කැමති කෙනෙක් නම් මේ මූවී එකට අනිවාර්යෙන්ම කැමති වෙයි. ඒ වාගේම මේකේ රඟපාන නළු නිළියන් අපි එතරම් දැක පුරුදු නොමැති වුනාට, මේක අධ්‍යක්ෂණය කල john woo අපි කව්රුත් හොඳින් දන්නා පුද්ගලයෙක්. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය සුපිරි චිත්‍රපටයක් වන Face off චිත්‍රපටය ඔබ නරඹා ඇති. මේ මූවී එකේ තාක්ෂණය ගැන කියනවානම් යාලුවනේ, ඉතා ඉහල තාක්ෂණයක් යටතේ මේ මූවී එක නිර්මාණය කර තිබෙනවා.
මේකේ කතාව ගැන කියනවානම්.. කතාව මේකයි. චීනයේ එක් අධිරාජ්‍යක මහ ඇමති වන ‘කාඕ කඕ’ චීන රාජ්‍ය එක්සේසත් කිරීමට යයි සිතා අනිකුත් රාජ්‍යන් එකින් එක ආක්‍රමණය කරනවා. එක් රාජ්‍යක ජීවත් වන ‘වූ’ නම් රජතුමා සහ තව රාජ්‍යක ජීවත් වන ‘ලී බේ’ නම් රජතුමා එක්ව මොහුට විරුද්ධව සටන් වදිනවා. නමුත් මොවුන් දෙදෙනාගේම සිටින සොල්දාදුවන් එකට එකතු කලත් සිටින්නේ 70,000 ක් පමණයි. නමුත් මහ ඇමතිගෙ සොල්දාදුවන් සංඛ්‍යාව 500,000 ඉක්මවනවා. ඔවුන්ගෙන් අන්තිමට දිනන්නේ කවුරුද යන්න මේ movie එක අවසානයේදී ඔබට බලාගන්න පුලුවන්.
තව එක දෙයක් ගැන කියන්න ඕන. මේ movie එක පැය 4 කටත් වඩා දිවෙන movie එකක්. එම නිසා මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කොටස් දෙකකට, ඒ කියන්නේ Red Cliff (2008) සහ Red Cliff II (2009). බයවෙන්න එපා…මම පහත දී තිබෙන 816 mb ටොරන්ට් එකේ එම කොටස් දෙකම english subtitle එක්කම movie එක තිබෙනවා.
මෙතනට කොටන්න