Showing posts with label අභිරහස්. Show all posts
Showing posts with label අභිරහස්. Show all posts

Thursday, February 9, 2012

Wrong Turn (I) (2003) | භයානකයි, නොදන්නා පාරක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්.  මේ මූවී එක කොතරම් ජනප්‍රිය වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඒ නිසා තමයි ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන් නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්. මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington [Chris Flynn] නම් තරුණයා මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා. එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත් කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන් අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට බලාගන්න පුලුවන්.


ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!


චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
 700 MB


සිංහල උපසිරැසි මෙතනින්

Tuesday, February 7, 2012

The Sixth Sense (1999) | මරණයේ ඡායාව

හෙලෝ යාලුවනෙ….. කියන්නේ යන්නේ 1999 වසරේ පිට වුනු ලස්සන චිත්‍රපටියක් ගැන.  IMDb වල 8.2 ක රේටින් එකකුත් අරන් තියනවා. මම දන්න තරමින් Mystery,Thriller ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන ඉහලම රේනින්ග්ස් තමා ඒ. සාමන්‍යයෙන් Mystery,Thriller ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන් නෑ. මේක සම්මාන බොහොමයකට නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් Academy Awards වල විතරක් සම්මාන හයකට නිර්දේශ වෙලා තියෙනවා. කලාත්මක අතින් පමනක් නෙමේ, වානිජ අතිනුත් අති සාර්ථක ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්ද ආදායම…. ඇ.ඩොලර් මිලියන 672 වඩා හොයගෙන තියෙනවා. ඒ එදා මෙදා තුර Thriller ෆිල්ම් එකක් හම්බකර තිබෙන ඉහළම ආදායම කියලා තමයි කියන්නේ. මම ෆිල්ම් එක ගැන මෙහෙම විස්තරයක් දුන්නෙ ෆිල්ම් එකේ quality එක ගැන යම් අදහසක් ඔයගොල්ලන්ට දෙන්න.
හරි කතාව මේකයි. පොඩි ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔහුට අද්භූත බලයක් තියෙනවා. මොහු ඒ ගැන කාටවත් කියන්නෙ නෑ. ඒත් දොස්තර කෙනෙක් මොහුත් එක්ක යාලු වෙනවා. අන්තිමට මොහුගෙ රහස ඔහුට කියනවා. මුලින් එය විශ්වාස නොකරන ඔහු පසුව ඇතිවෙන සිදුවීම් නිසා එය විශ්වාස කරන්න සිදුවෙනවා. ඒ රහස මොකක්ද? මොහුට එයින් ගැලවෙන්න පුලුවන්ද? ඒ විතරක් නෙමේ යාලුවනෙ මේකෙ අවසාන කැල්ල නම් සුපිරි. කව්රුවත් නොසිතන දෙයක් තමා සිදු වෙන්නෙ. කොහොමද කියනවානම් ඒ කොටසේ දි මාවනම් ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා. කතාව කිව්වාම වැඩක් නැති වෙනවා… මෙක අපි හැමදාම දකින විදියේ එකක් නෙමේ. වෙනස් ම විදියේ එකක්. මේකේ ඉන්නෙත් සුපිරි තරු ටිකක්… පොඩි ලමයාගෙ චරිතෙට ඉන්නෙ A.I.එකේ එහෙමත් නැත්තම් Steven Spielberg ගේ Artificial Intelligence එකේ හිටපු Haley Joel Osment. දොස්තරගේ චරිතෙට ඉන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Bruce Willis [Die hard movie දැකලා ඇති නේ]. ඔයගොල්ලෝ බාගෙනම බලන්න. මේ movie එකනම් ගොඩක් අය බලලා ඇති. නොබලපු අය බලන්නකෝ. තව එකක්, හොඳට තේරුම් යන්න English subtitle එක්ක බලන්න…


704 MB කොපියට මෙතනට කොටන්න.