Showing posts with label සිංහල උපසිරැසි. Show all posts
Showing posts with label සිංහල උපසිරැසි. Show all posts

Thursday, February 9, 2012

The Good, the Bad and the Ugly (1966) | හොඳ, නරක සහ දරුණුතම ! [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටිය  ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම චිත්‍රපටියයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 වැනි ස්ථානයත්, මෙතෙක් බිහි වූ හොඳම ‘western classic’ චිත්‍රපටිය ලෙසත්, මෙතෙක් බිහි වූ චිත්‍රපටි වලින් හොඳම අධ්‍යක්ශණය සහිත චිත්‍රපටිය ලෙසත් විචාරකයන් සහ නොයෙකුත් අන්තර්ජාල වෙබ් අඩවි වල හඳුන්වා දී තිබෙනවා. ඒ වාගෙම IMBD වල 9ක් වැනි ඉතා ඉහළ රේට්න්ග්ස් ලබා තිබෙන මෙය වර්ථමානයේ IMBD වල හොදම රේට්න්ග්ස් ලබා තිබෙන චිත්‍රපට අතර හතර වෙනි ස්ථානය ලබා තිබෙනවා. ඒ වාගෙම මෙහි පසුබිම් සංගීතය ඔබ ජීවිතයේ එක පාරක් හෝ අසා ඇතිවාට මගේ සැකයක් නැහැ. එය’All time hit’ එකක් ලෙසත් හදුන්වා දී තිබෙනවා. එකකට එකක් සම්බන්ද නොමැති වූවත් ‘Sergio Leone’ අධ්‍යක්ශණය කල ‘Doller’ කථා ත්‍රිත්වයේ එක කථාවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැක.
ඒ වාගෙම මෙහි රඟපාන්නේත් එදා බටහිර සිනමාව කැලඹූ Client Eastwood, Lee Van Cleef, Eli Wallach වැනි සුපිරි නලුවෝ ටිකක්. මගේ ආසම නලුවා වන ‘Client Eastwood’ නම් තවමත් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ශණයෙනුත් බටහිර සිනමාව තවමත් සියතට අරගෙනයි ඉන්නේ. ඒ වාගෙම බටහිර සිනමාවේ ‘කව් බෝයි’ සංස්කෘතිය ජනප්‍රිය කරවූ ‘Sergio Leone’ අධ්‍යක්ශණයෙන් මෙහි දායක වි තිබෙනවා.
මේකේ කථාව ගැන කියනවානම් ‘Mr.no name’ [Client Eastwood ගේ චරිතයට මෙහි චිත්‍රපටිය පුරාම නමක් සඳහන් නොවෙයි] ඒන්ජල් අයි සහ ටූකෝ යන තිදෙනා සහ නැතිවූ රත්ත්‍රන් තොගයක් වටා මෙහි කතාව ගොතා තිබෙනවා. එම රත්ත්‍රන් තොගය අන්තිමේදී හම්බවුනේ කාටද කියා අන්තිමේදී ඔබට බලා ගත හැකයි.


චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
700 MB
චිත්‍රපටියේ සිංහල උපසිරැසි මෙතනින්

Wrong Turn (I) (2003) | භයානකයි, නොදන්නා පාරක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්.  මේ මූවී එක කොතරම් ජනප්‍රිය වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඒ නිසා තමයි ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන් නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්. මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington [Chris Flynn] නම් තරුණයා මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා. එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත් කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන් අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට බලාගන්න පුලුවන්.


ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!


චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
 700 MB


සිංහල උපසිරැසි මෙතනින්

The Perfect Storm (2000) | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]



මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදීත් අපේ අසල්වැසි රට සුළි කුණාටුවක් නිසා පීඩා විඳිනවා. ඔබට නිකමටවත් හිතුනාද…ගොඩබිමේදි මෙතරම් දරුණු සුළි කුණාටු මුහුදේදී කොතරම් දරුණු වෙනවාද කියලා. මෙම movie එකේ තියෙන තව විශේෂත්වයක් නම් මෙය අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයක් වූ සිනමා සිත්තමක් වීමයි. 1991 දී නැගෙනහිර ඇමරිකානු වෙරළ කළඹා මිනිස් ජීවිත සහ කෝටී ගණනක් වටිනා දේපල විනාශ කර හඹා ගිය සුළි කුණාටුව පාදක කරගෙන මෙම movie එක නිර්මාණය කර තිබෙනවා. මුහුදු යන ධීවරයන් පිරිසක් වටා ගොතා ඇති මෙය ධීවරයන් විඳින දුක මැනවින් විදහා දක්කනවා. මෙය හොඳම ශබ්ද සංකලනය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් Academy Awards වලට නිර්දේශ වී තිබෙනවා. ඒ වාගේම මෙය ඇ.ඩො මිලියන 140 වැනි දැවැන්ත නිශ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර තිබෙනවා.
කතාවේ අන්තර්ගතය ගැන කියනවානම්..කතාව මේකයි. බිලී සහ ඔහුගේ පිරිවර මාලු ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරගෙන යන පිරිසක්. නමුත් ඔවුන්ගේ අවසාන ගමන් කිහිපයේදී ඔවුනට සිතූ තරම් මාලු නොලැබී යනවා. එම නිසා ඔවුන් මෙවර තමන් මාලු අල්ලන්න යන සුපුරුදු ස්ථානය වෙනස් කර වෙනත් තැනකට මාලු ඇල්ලීම සදහා පිටත්ව යනවා. ඒ අතරතුරේ තමයි….මම ඉහත සදහන් කල සුළි කුණාටුවට ඔවුනට මුහුනදීමට සිදුවන්නේ. ඔවුන් එම බාධකය මගහැර තම ජීවිතය රැක ගැනීමට හැකිවූවාද? නැද්ද? යන ප්‍රශ්නවලට ඔබට මේ movie එක අවසානයෙදී උත්තර හම්බවෙයි. මෙහිදී ධීවරයන් මුහුන දෙන ප්‍රශ්න, ඔවුන් මුහුනදෙන දුක් කම් කමටොලු සහ ඒවා පරයා නැගෙන ඔවුන්ගේ සමගි බව, එකමුතුකම මැනවින් විදහා දැක්වෙනවා.
යාලුවනේ…මේ movie එකේ ඉන්නේත් සුපිරි තරු ටිකක්..බිලී ගේ චරිතයට පන පොවන George Clooney [ocean series කතා මාලාවේ], බොබීගේ චරිතයට පන පොවන Mark Wahlberg [the fighter කතාවේ] ඇතුලු නලු නිළියෝ රැසක් මෙහි රඟපානවා. මේ එක නොබලපු අය බාගෙන බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ එක බැලුවාට පස්සේ ඔබගේ හිතේ ධීවරයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය සුළු වශයෙන් හෝ වෙනස් වේවි.


චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
700 MB


සිංහල උපසිරැසි මෙතනින්