Tuesday, March 13, 2012

Jack Nicholson නම් සුපිරි නළුවා ගැන බිඳක්.


1932 අප්‍රියෙල් 22 ඇමෙරිකාවේ උපන් මොහු නළුවෙකු,අධ්‍යක්ෂකවරයෙකු,තිර රචනාකරුවෙකු,නිශ්පාදකයෙකු වශයෙන් හොලිවුඩ් සිනමාව දික්විජය කල මොහු ඔස්කාර් සම්මානය සදහා 12 වතාවක් නිර්දේශ වී තිබෙනවා.එමෙන්ම 1960,1970,1980,1990, සහ 2000 යන සෑම දශකයකම මොහු රගපෑ චිත්‍රපට සදහා මෙය නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.එය එතෙක් මෙතෙක් නළුවෙකු ඔස්කාර් සම්මානය සදහා නිර්දේශවී ඇති වැඩිම වාර සංඛයාවද වේ.එයින් හොදම නළුවා සදහා දෙවතාවක්ද,සහය නළුවා සදහා එකවතාවක්ද ලෙස ඔස්කාර් සම්මාන 3 ක් දිනාගෙන ඇති මොහු,ඔස්කාර් ඉතිහාසයේ එම සමත්කම කල දෙවෙනියා ලෙසද හැදින්වේ.



 මේ විශිෂ්ට රංගධරයාගේ මා කැමතිම චිත්‍රපටයනම් 1997 වර්ෂයේ රග පෑ As Good as It Gets නම් චිත්‍රපටයටයි.එහි ලේඛකයෙකුගේ චරිතයට රගපාන මොහු ගේ සහ නපුංසයෙකු,බල්ලෙකු සහ වේටර්වරියකු ගේ අපූරු මිතුදමක් වටා ගොතා ඇති මේ කථාව ඔස්කාර් සම්මාන 7ක් වෙනුවෙන් නිර්දේශ වී ඇති මෙය එයින් සම්මාන දෙකක් දිනා ගැනීමටද සමත් වී තිබේ.එමෙන්ම 
The Shining චිත්‍රපටයේ දුශ්ටයාගේ චරිතයට පන පොවන මොහු ගේ රංගන හැකියාව නිසාම මෙය එතෙක් මෙතෙක් බිහි වූ හොදම horror චිත්‍රපටය ලෙසද හැදින්වේ.

මීට අමතරව මොහු රග පෑ චිත්‍රපට අතර A Few Good Men ,Bat Man,
The Departed,විශේෂ තැනක් ගනී.

  

  

Friday, March 9, 2012

යාලුවනේ ,ඉතින් මම හිතුවා අද ඔයගොල්ලන්ට වෙන දෙයක් ගැන කියන්න.ඔයගොල්ලන් හින්දි නළු නිලියන් ගැන මොනවාද දන්නේ.අපි හිතාගෙන ඉන්නේ ඔවුන් හරි රූමත්,කඩවසම් පුද්ගලයන හැටියට නේද?ඔව්,ඔයගොල්ලන් හරි.නමුත් ඔවුනුත් චිත්‍රපටවල රගපාන්න කලින්,එහෙමත් නැත්තම් මුල් චිත්‍රපට වල රගපාපු කාලවල අපි හැමෝම නිතර දකින සාමාන්‍ය ලස්සනක් තමයි ඔවුන්ටත් තිබුනේ.මෙය හැබැයි ගොඩක්ම දකින්න ලැබුනේ ටිකක් ඉස්සර,එහෙමත් නැත්තනම් දැන් රගපාන අවු.30,40 සීමාවට කිට්ටු කර සිටින නළු නිලියන්ගෙයි.ඒකට හේතුව විදියට මම නම් දකින්නේ දැන් රගපාන හුගක් නළු නිලියන්ගේ වැඩි දෙනෙක් එක්කෝ තමාගේ පවුලේ කව්රුන් හෝ චිත්‍රපට ක්ෂේත්‍රයට ඇති සම්බන්දතාවයක් නිසා සිනමා පැමිණි අය වීමයි.එම නිසා හුගක් අය තමාගේ රූප සොබාව ගැන පොඩි කාලයේ ඉදන්ම සැලකිලිමත් වීමයි.
මෙය මා අන්තර්ජාලයේ සැරිසරන විට වෙබ් අඩවිවලින් උපුටාගත් රූප රාමු වේ.එමෙන්ම ඔවුන් රූප ලාවන්‍ය පාවිච්චි නොකර සිටින අවස්ථාවල ගත් රූප රාමුද මෙහි වේ.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමනක් පල කරන බව කරුනාවෙන් සලකන්න.ඉතින් අපි දැන් බලමු ඔවුන්ගේ අපට නිතර නොදකින විදියේ රූප පෙලක්.

  •  බිපාෂා බාසු






  • ඓශ්වර්‍යා රායි








  • දීපිකා පඩුකෝනා      



  • කනගා රානට්




  •  කරීනා කපූර්




  • මදුරී දික්ශිත්



  • ප්‍රීති සින්ටා




  • මනීශා කොයිරාල





  •  ප්‍රියන්කා චොප්රා




  •  රාණි මුකර්ජී




  •  ශිල්පා සෙට්ටි





  •  සෝනම් කපූර්



  •  තනුශ්රී