Thursday, February 9, 2012

The Perfect Storm (2000) | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]



මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදීත් අපේ අසල්වැසි රට සුළි කුණාටුවක් නිසා පීඩා විඳිනවා. ඔබට නිකමටවත් හිතුනාද…ගොඩබිමේදි මෙතරම් දරුණු සුළි කුණාටු මුහුදේදී කොතරම් දරුණු වෙනවාද කියලා. මෙම movie එකේ තියෙන තව විශේෂත්වයක් නම් මෙය අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයක් වූ සිනමා සිත්තමක් වීමයි. 1991 දී නැගෙනහිර ඇමරිකානු වෙරළ කළඹා මිනිස් ජීවිත සහ කෝටී ගණනක් වටිනා දේපල විනාශ කර හඹා ගිය සුළි කුණාටුව පාදක කරගෙන මෙම movie එක නිර්මාණය කර තිබෙනවා. මුහුදු යන ධීවරයන් පිරිසක් වටා ගොතා ඇති මෙය ධීවරයන් විඳින දුක මැනවින් විදහා දක්කනවා. මෙය හොඳම ශබ්ද සංකලනය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් Academy Awards වලට නිර්දේශ වී තිබෙනවා. ඒ වාගේම මෙය ඇ.ඩො මිලියන 140 වැනි දැවැන්ත නිශ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර තිබෙනවා.
කතාවේ අන්තර්ගතය ගැන කියනවානම්..කතාව මේකයි. බිලී සහ ඔහුගේ පිරිවර මාලු ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරගෙන යන පිරිසක්. නමුත් ඔවුන්ගේ අවසාන ගමන් කිහිපයේදී ඔවුනට සිතූ තරම් මාලු නොලැබී යනවා. එම නිසා ඔවුන් මෙවර තමන් මාලු අල්ලන්න යන සුපුරුදු ස්ථානය වෙනස් කර වෙනත් තැනකට මාලු ඇල්ලීම සදහා පිටත්ව යනවා. ඒ අතරතුරේ තමයි….මම ඉහත සදහන් කල සුළි කුණාටුවට ඔවුනට මුහුනදීමට සිදුවන්නේ. ඔවුන් එම බාධකය මගහැර තම ජීවිතය රැක ගැනීමට හැකිවූවාද? නැද්ද? යන ප්‍රශ්නවලට ඔබට මේ movie එක අවසානයෙදී උත්තර හම්බවෙයි. මෙහිදී ධීවරයන් මුහුන දෙන ප්‍රශ්න, ඔවුන් මුහුනදෙන දුක් කම් කමටොලු සහ ඒවා පරයා නැගෙන ඔවුන්ගේ සමගි බව, එකමුතුකම මැනවින් විදහා දැක්වෙනවා.
යාලුවනේ…මේ movie එකේ ඉන්නේත් සුපිරි තරු ටිකක්..බිලී ගේ චරිතයට පන පොවන George Clooney [ocean series කතා මාලාවේ], බොබීගේ චරිතයට පන පොවන Mark Wahlberg [the fighter කතාවේ] ඇතුලු නලු නිළියෝ රැසක් මෙහි රඟපානවා. මේ එක නොබලපු අය බාගෙන බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ එක බැලුවාට පස්සේ ඔබගේ හිතේ ධීවරයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය සුළු වශයෙන් හෝ වෙනස් වේවි.


චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
700 MB


සිංහල උපසිරැසි මෙතනින්

No comments:

Post a Comment