Tuesday, February 7, 2012

The Sixth Sense (1999) | මරණයේ ඡායාව

හෙලෝ යාලුවනෙ….. කියන්නේ යන්නේ 1999 වසරේ පිට වුනු ලස්සන චිත්‍රපටියක් ගැන.  IMDb වල 8.2 ක රේටින් එකකුත් අරන් තියනවා. මම දන්න තරමින් Mystery,Thriller ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන ඉහලම රේනින්ග්ස් තමා ඒ. සාමන්‍යයෙන් Mystery,Thriller ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන් නෑ. මේක සම්මාන බොහොමයකට නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් Academy Awards වල විතරක් සම්මාන හයකට නිර්දේශ වෙලා තියෙනවා. කලාත්මක අතින් පමනක් නෙමේ, වානිජ අතිනුත් අති සාර්ථක ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්ද ආදායම…. ඇ.ඩොලර් මිලියන 672 වඩා හොයගෙන තියෙනවා. ඒ එදා මෙදා තුර Thriller ෆිල්ම් එකක් හම්බකර තිබෙන ඉහළම ආදායම කියලා තමයි කියන්නේ. මම ෆිල්ම් එක ගැන මෙහෙම විස්තරයක් දුන්නෙ ෆිල්ම් එකේ quality එක ගැන යම් අදහසක් ඔයගොල්ලන්ට දෙන්න.
හරි කතාව මේකයි. පොඩි ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔහුට අද්භූත බලයක් තියෙනවා. මොහු ඒ ගැන කාටවත් කියන්නෙ නෑ. ඒත් දොස්තර කෙනෙක් මොහුත් එක්ක යාලු වෙනවා. අන්තිමට මොහුගෙ රහස ඔහුට කියනවා. මුලින් එය විශ්වාස නොකරන ඔහු පසුව ඇතිවෙන සිදුවීම් නිසා එය විශ්වාස කරන්න සිදුවෙනවා. ඒ රහස මොකක්ද? මොහුට එයින් ගැලවෙන්න පුලුවන්ද? ඒ විතරක් නෙමේ යාලුවනෙ මේකෙ අවසාන කැල්ල නම් සුපිරි. කව්රුවත් නොසිතන දෙයක් තමා සිදු වෙන්නෙ. කොහොමද කියනවානම් ඒ කොටසේ දි මාවනම් ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා. කතාව කිව්වාම වැඩක් නැති වෙනවා… මෙක අපි හැමදාම දකින විදියේ එකක් නෙමේ. වෙනස් ම විදියේ එකක්. මේකේ ඉන්නෙත් සුපිරි තරු ටිකක්… පොඩි ලමයාගෙ චරිතෙට ඉන්නෙ A.I.එකේ එහෙමත් නැත්තම් Steven Spielberg ගේ Artificial Intelligence එකේ හිටපු Haley Joel Osment. දොස්තරගේ චරිතෙට ඉන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Bruce Willis [Die hard movie දැකලා ඇති නේ]. ඔයගොල්ලෝ බාගෙනම බලන්න. මේ movie එකනම් ගොඩක් අය බලලා ඇති. නොබලපු අය බලන්නකෝ. තව එකක්, හොඳට තේරුම් යන්න English subtitle එක්ක බලන්න…


704 MB කොපියට මෙතනට කොටන්න.

No comments:

Post a Comment