Thursday, February 16, 2012

2012 වසරේ තිරගතවීමට නියමිත Film series වල එන චිත්‍රපට කිහිපයක්[දෙවන කොටස]

ඉතින් යාළුවනේ ඔන්න කිව්වා වාගේම ලිපියේ දෙවන කොටසින් මම ඔබලාව හමබවෙන්න ආවා.පළමු ලිපිය නොබලපු අය මෙතනට කොටන්න.

1.Underworld: Awakening (2012)
 අතිශය ජනප්‍රියත්වයට පත් මේ කථාමාලාවේ හතරවෙනි කතාව වන මෙය නම්  ඉතා හොද ප්‍රේක්ශක ප්‍රතිචාර මැද දැනටමත් තිරගත් වී අවසන්.ඇ.ඩො.මිලියන 70 නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
 අධ්‍යක්ෂනය: Måns Mårlind සහ Björn Stein

2012 ජනවාරි 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]   

 

 2.Ghost Rider: Spirit of Vengeance

 සුපිරි නළු නිකොලස් කේජ් රගපාන මෙම චිත්‍රපටිය 2007 වසරේ නිකුත් වී අති සාර්ථක ලෙස තිරගත වූ මෙහි පළමු කොටස මෙන් සුපිරි එකක් වනු ඇති බවට බොහෝ දෙනා මත පලකර අවසන්.ඔවුන්ගේ එම කියමන සත්‍යක්ද කියා අපට තව දින කීපයකින් මෙය තිරගත වූ පසු බලාගත හැක.ඇ.ඩො.මිලියන 75 නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.

අධ්‍යක්ෂනය: Mark Neveldine සහ Brian Taylor


2012 පෙබරවාරි  17 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]   

 

  3. Wrath of the Titans (2012)   

Avatar  චිත්‍රපටියේ රගපෑ සුපිරි නළු Sam Worthington ගේ රංගනයෙන් දායකත්වය දක්වන මෙය clash of the titans චිත්‍රපට  මාලාවේ දෙවන කොටසයි.                  


  අධ්‍යක්ෂනය:Jonathan Liebesman

 

  

2012 මාර්තු 30 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  


4. G.I. Joe: Retaliation

G.I Joe කථා මාලාවේ දෙවන කොටස වන මෙහි Channing Tatum,Bruce Willis,Dwayne Johnson  වැනි සුපිරි නළුවන් විශාල ප්‍රමාණයක් රගපානු ලබයි.
සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්ත කණ්ඩායමක් වටා මෙය ගෙතී ඇත.

    අධ්‍යක්ෂනය:Jon M. Chu

  

 2012 ජූනි 29 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]   

 

 

5.Resident Evil: Retribution

Resident Evil කථා මාලාවේ පස් වන චිත්‍රපටය වන වන මෙම කථා මාලාව Angelina Jolie රගපෑ tomb raiderකථා මාලාව මෙන් video game එකකින් උපුටා ගෙන ඇත. භයානක වයිරසයක් ලෝකයේ පැතිරවීම සහ එයට එරෙහිව නැගී සිටින කාන්තාවක් වටා මෙම චිත්‍රපටිය ගෙතී ඇත.මෙම කථා මාලාවට අයත් මීට කලින් තිරගත වූ චිත්‍රපට හතරම ආදායම අතින් අති සාර්ථකව තිරගත වි තිබේ. ඇ.ඩො.මිලියන 90 නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.

අධ්‍යක්ෂනය:Paul W.S. Anderson

 

   2012 සැප්තැම්බර් 14 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  

 

 

මම මෙතනට දැම්මේ කථා මාලාවලින් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත චිත්‍රපටවලින් එන කථා කිහිපයක් විතරයි.මා දන්නා පරිදි මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත ඉතුරු කථා මාලාවල් නම්

 


Journey 2: The Mysterious Island


තිරගත වී අවසන්  


 Scary Movie 5       


  2012 අප්‍රේල් 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  


Piranha 3DD               


2012 අප්‍රේල් 05 තිරගතවීමට නියමිත දිනය


Amityville: The Legacy 3-D


තිරගත වෙන දවස පැහැදිලි නැත.


Leatherface 3D 


2012 ඔක්තෝම්බර් 05 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  


Halloween III       


2012 ඔක්තෝම්බර් 26 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  


Dracula 3D               


තිරගත වෙන දවස පැහැදිලි නැත.


Silent Hill: Revelation 3D


2012 අප්‍රේල් 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  

  
A Nightmare on
 Elm Street 2        

තිරගත වෙන දවස පැහැදිලි නැත.

 Madagascar 3: Europe's Most Wanted
 2012 ජුනී 08 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] 

Ice Age: Continental Drift  


තිරගත වෙන දවස පැහැදිලි නැත.


Diary of a Wimpy Kid: Dog Days


2012 අගෝස්තු 03 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]


Universal Soldier:

 A New Dimension


2012 මැයි මස තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]


Constantine 2          


තිරගත වෙන දවස පැහැදිලි නැත.


 Skyline 2   


තිරගත වෙන දවස පැහැදිලි නැත.


[REC] Apocaly     


තිරගත වෙන දවස පැහැදිලි නැත.


Snabba Cash II     


2012 අගෝස්තු මස තිරගතවීමට නියමිත දිනය

                    

මේ තිරගත වීමට නියමිත දින එහෙම ටිකක් එහෙ මෙහෙ වෙන්න ඉඩකඩ තියෙනවා යාලුවනේ.


                 

                                                                                                                                
                                                

Friday, February 10, 2012

2012 වසරේ තිරගතවීමට නියමිත Film series වල එන චිත්‍රපට කිහිපයක්.[පළමු කොටස]

     මේකේ තියෙන කථා මාලාවල එහෙමත් නැත්තම් Film Series කියන දේ  ඔබට අලුත් දෙයක් නොවෙයි. වැඩි මුදලක් නිශ්පාදන පිරිවැයක් ලෙස දරා සාදනු ලබන බොහොමයක් චිත්‍රපට දැන් දැන් සාදනු ලබන්නේ ජනප්‍රිය වෙච්ච එහෙමත් නැත්නම් සාර්ථක ලෙස මුදල් නිපදවූ චිත්‍රපටියකට තවත් කතාවක් එකතු කිරීමෙන්.මෙය බොහෝ විට හොද අලවියක් තිබූ පොතකින් හෝ නැත්නම් 'කොමික් කාර්ටූන්' එකකින් උපුටා ගනු ලබයි.මෙයට බොහෝ විට හේතු වන්නේ මෙහි නිශ්පාදනයට යොදවන මුදලේ අවදානම අඩු වීමයි.ඒ කථාමාලාවේ පසුගිය කථාවේ සාර්ථකත්වයත් සමග මෙහි ප්‍රචාරණය සදහා වැඩි වෙහෙසක් නොදැරීමට සිදුවීම සහ කලින් චිත්‍රපටයේ සාර්ථකත්වය හේතුවෙන් මෙයටම වෙනම ප්‍රේක්ශක කොඨ්ඨාශයක් බිහිවීම හේතුවෙනි.මෙයට පසු ගිය වකවානුවේ උදාහරණ රාශියකින් පෙන්වා දිය හැක.ඉන් කිහිපයක් නම්  Harry Porter,Paranormal Activities, The Twilight,Need for Speed ,The Pirates of The Caribbean යනුවෙන් පිටුව පුරා ලියාගෙන යා හැක.අපි දැන් බලමු මේ අවුරුද්දේ එහෙමත් නැත්තම් 2012 තිරගත් වීමට ඇති මේ ගණයට අයත් චිත්‍රපට කිහිපයක්.


       01.The Avengers (2012)


    මේ චිත්‍රපටියේ තිබෙන විශේෂත්වය නම් ඔබ කලින් චිත්‍රපටි වල නැරඹූ සුපිරි වීරයන් කීප දෙනෙක් එකට එකතු වී රගපෑමයි.   
    The Incredible Hulk
    Thor
    Iron Man
    Captain America
    චිත්‍රපටවල ප්‍රධාන චරිත රගපාන මෙය අනිවාර්යෙන්ම සිනමා රසිකයන්ට අලුත් අත්දැකීමක් වෙයි.ඇ.ඩො.මිලියන 300ක නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.


      අධ්‍යක්ෂනය:  Joss Whedon                                                                                                                 

                        2012 මැයි 04 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]                                           

     

     2. The Amazing Spider-Man (2012)


    මෙම කථා මාලාවේ ප්‍රධාන චරිතයට රගපෑ නළු නිළියන්[ Tobey Maguire,Kirsten Dunst] සහ අධ්‍යක්ශෂක[ Sam Raimi] මෙහි නිශ්පාදන පිරිවැය සම්බන්දයෙන් මතගැටුමකින් මෙම කථා මාලාවේන් ඉවත්වීමෙන් පසු මෙම කථා වේ නළු නිළියන් සියළු දෙනාම අලුත් අය වීම මෙම කථා මාලාවට කෙසේ බලපායිද කියා අපට මේ චිත්‍රපටියට  තිරගත වූ පසු බලා ගත හැක.


      අධ්‍යක්ෂනය:MarcWebb     





    2012 ජූලි 03 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  

     

                                      

     3.The Dark Knight Rises (2012)

     

    හුගක් අය නොඉවසිල්ලෙන් තිරගත වෙන දවස බලාගෙන සිටින චිත්‍රපටියක් ලෙස මෙය හැදින්විය හැක.පසු ගිය කොටසේ ජෝකර්ගේ චරිතයට පන පෙවූ සහ එහි විශිෂ්ට රගපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනූ Heath Ledger අවාසනාවන්ත මරණයත් සමග කාගේත් ඇස් යොමුවී තිබෙන්නේ පසුගිය කොටස මෙන් මෙය බොක්ස් ඔෆීස් වාර්තා තබා තිරගත වේද?නැද්ද ?කියාය.ඇ.ඩො.මිලියන 250ක නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.

      අධ්‍යක්ෂනය:Christopher Nolan

      2012 ජූලි 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] 

          


    4. The Expendables 2

      

    මේකේ  Jason Statham,Liam Hemsworth,Bruce Willis,Sylvester Stallone,   Arnold Schwarzenegger,Jean-Claude Van Damme,Jet Li,Chuck, Noris,Dolph Lundgren,Terry Crews වැනි නළු නිළියන් ඉතා විශාල ප්‍රමාණයක් මෙහි රගපෑමෙන් දායක වෙනවා.මෙහි පළමු කොටස පසු ගිය අවුරුද්දේ තිරගත් වූවත් එය හිතූ තරම් සාර්ථක නොවූවත් මෙය එය අභිබවා සාර්ථක වේ ‍යයි බොහෝදෙනා දැනටමත් මත පලකර අවසන්.ඇ.ඩො.මිලියන 100ක නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.





    අධ්‍යක්ෂනය:Simon West


      2012 අගෝස්තු 17 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  

     



    5.Men in Black III

      

    මෙහි පළමු කොටසේ අති සාර්ථකත්වයත් සමග නිපදවූ දෙවන කොටස හිතූ තරම් ජනප්‍රිය නොවූවත් මෙහි තෙවන කොටස වන මෙය පිළිබදව සිනමා රසිකකයන් මහත් බළාපොරොත්තු තබා තිබේ.සුපිරි නළු Will Smith මෙහි රංගනයෙන් දායකත්වය දක්වා ඇත.                                                    

     


      අධ්‍යක්ෂනය:Barry Sonnenfeld

     

    2012 මැයි 25 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]  

     

    තව එකක් මෙහි තිරගත වන දවස සමහරක් විට එහෙ මෙහෙ වෙන්න ඉඩ තියෙයි හොදේ. එහෙනම් යාලුවනේ මේ ලිපියේ දෙවන කොටසින් ලගදීම හම්බවෙමුකෝ.

    Thursday, February 9, 2012

    The Good, the Bad and the Ugly (1966) | හොඳ, නරක සහ දරුණුතම ! [සිංහල උපසිරැසි සමඟ]

    මේ චිත්‍රපටිය  ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම චිත්‍රපටියයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 වැනි ස්ථානයත්, මෙතෙක් බිහි වූ හොඳම ‘western classic’ චිත්‍රපටිය ලෙසත්, මෙතෙක් බිහි වූ චිත්‍රපටි වලින් හොඳම අධ්‍යක්ශණය සහිත චිත්‍රපටිය ලෙසත් විචාරකයන් සහ නොයෙකුත් අන්තර්ජාල වෙබ් අඩවි වල හඳුන්වා දී තිබෙනවා. ඒ වාගෙම IMBD වල 9ක් වැනි ඉතා ඉහළ රේට්න්ග්ස් ලබා තිබෙන මෙය වර්ථමානයේ IMBD වල හොදම රේට්න්ග්ස් ලබා තිබෙන චිත්‍රපට අතර හතර වෙනි ස්ථානය ලබා තිබෙනවා. ඒ වාගෙම මෙහි පසුබිම් සංගීතය ඔබ ජීවිතයේ එක පාරක් හෝ අසා ඇතිවාට මගේ සැකයක් නැහැ. එය’All time hit’ එකක් ලෙසත් හදුන්වා දී තිබෙනවා. එකකට එකක් සම්බන්ද නොමැති වූවත් ‘Sergio Leone’ අධ්‍යක්ශණය කල ‘Doller’ කථා ත්‍රිත්වයේ එක කථාවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැක.
    ඒ වාගෙම මෙහි රඟපාන්නේත් එදා බටහිර සිනමාව කැලඹූ Client Eastwood, Lee Van Cleef, Eli Wallach වැනි සුපිරි නලුවෝ ටිකක්. මගේ ආසම නලුවා වන ‘Client Eastwood’ නම් තවමත් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ශණයෙනුත් බටහිර සිනමාව තවමත් සියතට අරගෙනයි ඉන්නේ. ඒ වාගෙම බටහිර සිනමාවේ ‘කව් බෝයි’ සංස්කෘතිය ජනප්‍රිය කරවූ ‘Sergio Leone’ අධ්‍යක්ශණයෙන් මෙහි දායක වි තිබෙනවා.
    මේකේ කථාව ගැන කියනවානම් ‘Mr.no name’ [Client Eastwood ගේ චරිතයට මෙහි චිත්‍රපටිය පුරාම නමක් සඳහන් නොවෙයි] ඒන්ජල් අයි සහ ටූකෝ යන තිදෙනා සහ නැතිවූ රත්ත්‍රන් තොගයක් වටා මෙහි කතාව ගොතා තිබෙනවා. එම රත්ත්‍රන් තොගය අන්තිමේදී හම්බවුනේ කාටද කියා අන්තිමේදී ඔබට බලා ගත හැකයි.


    චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
    700 MB
    චිත්‍රපටියේ සිංහල උපසිරැසි මෙතනින්

    Wrong Turn (I) (2003) | භයානකයි, නොදන්නා පාරක්! [සිංහල උපසිරැසි සමඟ]

    මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්.  මේ මූවී එක කොතරම් ජනප්‍රිය වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඒ නිසා තමයි ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන් නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්. මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington [Chris Flynn] නම් තරුණයා මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා. එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත් කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන් අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට බලාගන්න පුලුවන්.


    ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!


    චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
     700 MB


    සිංහල උපසිරැසි මෙතනින්

    The Perfect Storm (2000) | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]



    මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදීත් අපේ අසල්වැසි රට සුළි කුණාටුවක් නිසා පීඩා විඳිනවා. ඔබට නිකමටවත් හිතුනාද…ගොඩබිමේදි මෙතරම් දරුණු සුළි කුණාටු මුහුදේදී කොතරම් දරුණු වෙනවාද කියලා. මෙම movie එකේ තියෙන තව විශේෂත්වයක් නම් මෙය අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයක් වූ සිනමා සිත්තමක් වීමයි. 1991 දී නැගෙනහිර ඇමරිකානු වෙරළ කළඹා මිනිස් ජීවිත සහ කෝටී ගණනක් වටිනා දේපල විනාශ කර හඹා ගිය සුළි කුණාටුව පාදක කරගෙන මෙම movie එක නිර්මාණය කර තිබෙනවා. මුහුදු යන ධීවරයන් පිරිසක් වටා ගොතා ඇති මෙය ධීවරයන් විඳින දුක මැනවින් විදහා දක්කනවා. මෙය හොඳම ශබ්ද සංකලනය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් Academy Awards වලට නිර්දේශ වී තිබෙනවා. ඒ වාගේම මෙය ඇ.ඩො මිලියන 140 වැනි දැවැන්ත නිශ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර තිබෙනවා.
    කතාවේ අන්තර්ගතය ගැන කියනවානම්..කතාව මේකයි. බිලී සහ ඔහුගේ පිරිවර මාලු ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරගෙන යන පිරිසක්. නමුත් ඔවුන්ගේ අවසාන ගමන් කිහිපයේදී ඔවුනට සිතූ තරම් මාලු නොලැබී යනවා. එම නිසා ඔවුන් මෙවර තමන් මාලු අල්ලන්න යන සුපුරුදු ස්ථානය වෙනස් කර වෙනත් තැනකට මාලු ඇල්ලීම සදහා පිටත්ව යනවා. ඒ අතරතුරේ තමයි….මම ඉහත සදහන් කල සුළි කුණාටුවට ඔවුනට මුහුනදීමට සිදුවන්නේ. ඔවුන් එම බාධකය මගහැර තම ජීවිතය රැක ගැනීමට හැකිවූවාද? නැද්ද? යන ප්‍රශ්නවලට ඔබට මේ movie එක අවසානයෙදී උත්තර හම්බවෙයි. මෙහිදී ධීවරයන් මුහුන දෙන ප්‍රශ්න, ඔවුන් මුහුනදෙන දුක් කම් කමටොලු සහ ඒවා පරයා නැගෙන ඔවුන්ගේ සමගි බව, එකමුතුකම මැනවින් විදහා දැක්වෙනවා.
    යාලුවනේ…මේ movie එකේ ඉන්නේත් සුපිරි තරු ටිකක්..බිලී ගේ චරිතයට පන පොවන George Clooney [ocean series කතා මාලාවේ], බොබීගේ චරිතයට පන පොවන Mark Wahlberg [the fighter කතාවේ] ඇතුලු නලු නිළියෝ රැසක් මෙහි රඟපානවා. මේ එක නොබලපු අය බාගෙන බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ එක බැලුවාට පස්සේ ඔබගේ හිතේ ධීවරයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය සුළු වශයෙන් හෝ වෙනස් වේවි.


    චිත්‍රපටිය බාන්න මෙතනට කොටන්න
    700 MB


    සිංහල උපසිරැසි මෙතනින්

    Tuesday, February 7, 2012

    The Sixth Sense (1999) | මරණයේ ඡායාව

    හෙලෝ යාලුවනෙ….. කියන්නේ යන්නේ 1999 වසරේ පිට වුනු ලස්සන චිත්‍රපටියක් ගැන.  IMDb වල 8.2 ක රේටින් එකකුත් අරන් තියනවා. මම දන්න තරමින් Mystery,Thriller ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන ඉහලම රේනින්ග්ස් තමා ඒ. සාමන්‍යයෙන් Mystery,Thriller ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන් නෑ. මේක සම්මාන බොහොමයකට නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් Academy Awards වල විතරක් සම්මාන හයකට නිර්දේශ වෙලා තියෙනවා. කලාත්මක අතින් පමනක් නෙමේ, වානිජ අතිනුත් අති සාර්ථක ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්ද ආදායම…. ඇ.ඩොලර් මිලියන 672 වඩා හොයගෙන තියෙනවා. ඒ එදා මෙදා තුර Thriller ෆිල්ම් එකක් හම්බකර තිබෙන ඉහළම ආදායම කියලා තමයි කියන්නේ. මම ෆිල්ම් එක ගැන මෙහෙම විස්තරයක් දුන්නෙ ෆිල්ම් එකේ quality එක ගැන යම් අදහසක් ඔයගොල්ලන්ට දෙන්න.
    හරි කතාව මේකයි. පොඩි ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔහුට අද්භූත බලයක් තියෙනවා. මොහු ඒ ගැන කාටවත් කියන්නෙ නෑ. ඒත් දොස්තර කෙනෙක් මොහුත් එක්ක යාලු වෙනවා. අන්තිමට මොහුගෙ රහස ඔහුට කියනවා. මුලින් එය විශ්වාස නොකරන ඔහු පසුව ඇතිවෙන සිදුවීම් නිසා එය විශ්වාස කරන්න සිදුවෙනවා. ඒ රහස මොකක්ද? මොහුට එයින් ගැලවෙන්න පුලුවන්ද? ඒ විතරක් නෙමේ යාලුවනෙ මේකෙ අවසාන කැල්ල නම් සුපිරි. කව්රුවත් නොසිතන දෙයක් තමා සිදු වෙන්නෙ. කොහොමද කියනවානම් ඒ කොටසේ දි මාවනම් ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා. කතාව කිව්වාම වැඩක් නැති වෙනවා… මෙක අපි හැමදාම දකින විදියේ එකක් නෙමේ. වෙනස් ම විදියේ එකක්. මේකේ ඉන්නෙත් සුපිරි තරු ටිකක්… පොඩි ලමයාගෙ චරිතෙට ඉන්නෙ A.I.එකේ එහෙමත් නැත්තම් Steven Spielberg ගේ Artificial Intelligence එකේ හිටපු Haley Joel Osment. දොස්තරගේ චරිතෙට ඉන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Bruce Willis [Die hard movie දැකලා ඇති නේ]. ඔයගොල්ලෝ බාගෙනම බලන්න. මේ movie එකනම් ගොඩක් අය බලලා ඇති. නොබලපු අය බලන්නකෝ. තව එකක්, හොඳට තේරුම් යන්න English subtitle එක්ක බලන්න…


    704 MB කොපියට මෙතනට කොටන්න.

    Red Cliff (2008) | මහා සංග්‍රාමය

    හලෝ යාලුවනේ,  කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ වාර්තා තබා තිරගත වී තිබෙන්නේ මීට කලින් ආසියාවේ වැඩිම මුදලක් ඉපැයූ Titanic එකේ වාර්තා කඩ කරමිනුයි. ඔබ මීට කලින් 300 සහ Immortals (2011) වැනි මූවී වලට කැමති කෙනෙක් නම් මේ මූවී එකට අනිවාර්යෙන්ම කැමති වෙයි. ඒ වාගේම මේකේ රඟපාන නළු නිළියන් අපි එතරම් දැක පුරුදු නොමැති වුනාට, මේක අධ්‍යක්ෂණය කල john woo අපි කව්රුත් හොඳින් දන්නා පුද්ගලයෙක්. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය සුපිරි චිත්‍රපටයක් වන Face off චිත්‍රපටය ඔබ නරඹා ඇති. මේ මූවී එකේ තාක්ෂණය ගැන කියනවානම් යාලුවනේ, ඉතා ඉහල තාක්ෂණයක් යටතේ මේ මූවී එක නිර්මාණය කර තිබෙනවා.
    මේකේ කතාව ගැන කියනවානම්.. කතාව මේකයි. චීනයේ එක් අධිරාජ්‍යක මහ ඇමති වන ‘කාඕ කඕ’ චීන රාජ්‍ය එක්සේසත් කිරීමට යයි සිතා අනිකුත් රාජ්‍යන් එකින් එක ආක්‍රමණය කරනවා. එක් රාජ්‍යක ජීවත් වන ‘වූ’ නම් රජතුමා සහ තව රාජ්‍යක ජීවත් වන ‘ලී බේ’ නම් රජතුමා එක්ව මොහුට විරුද්ධව සටන් වදිනවා. නමුත් මොවුන් දෙදෙනාගේම සිටින සොල්දාදුවන් එකට එකතු කලත් සිටින්නේ 70,000 ක් පමණයි. නමුත් මහ ඇමතිගෙ සොල්දාදුවන් සංඛ්‍යාව 500,000 ඉක්මවනවා. ඔවුන්ගෙන් අන්තිමට දිනන්නේ කවුරුද යන්න මේ movie එක අවසානයේදී ඔබට බලාගන්න පුලුවන්.
    තව එක දෙයක් ගැන කියන්න ඕන. මේ movie එක පැය 4 කටත් වඩා දිවෙන movie එකක්. එම නිසා මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කොටස් දෙකකට, ඒ කියන්නේ Red Cliff (2008) සහ Red Cliff II (2009). බයවෙන්න එපා…මම පහත දී තිබෙන 816 mb ටොරන්ට් එකේ එම කොටස් දෙකම english subtitle එක්කම movie එක තිබෙනවා.
     මෙතනට කොටන්න