Tuesday, March 13, 2012

Jack Nicholson නම් සුපිරි නළුවා ගැන බිඳක්.


1932 අප්‍රියෙල් 22 ඇමෙරිකාවේ උපන් මොහු නළුවෙකු,අධ්‍යක්ෂකවරයෙකු,තිර රචනාකරුවෙකු,නිශ්පාදකයෙකු වශයෙන් හොලිවුඩ් සිනමාව දික්විජය කල මොහු ඔස්කාර් සම්මානය සදහා 12 වතාවක් නිර්දේශ වී තිබෙනවා.එමෙන්ම 1960,1970,1980,1990, සහ 2000 යන සෑම දශකයකම මොහු රගපෑ චිත්‍රපට සදහා මෙය නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.එය එතෙක් මෙතෙක් නළුවෙකු ඔස්කාර් සම්මානය සදහා නිර්දේශවී ඇති වැඩිම වාර සංඛයාවද වේ.එයින් හොදම නළුවා සදහා දෙවතාවක්ද,සහය නළුවා සදහා එකවතාවක්ද ලෙස ඔස්කාර් සම්මාන 3 ක් දිනාගෙන ඇති මොහු,ඔස්කාර් ඉතිහාසයේ එම සමත්කම කල දෙවෙනියා ලෙසද හැදින්වේ.



 මේ විශිෂ්ට රංගධරයාගේ මා කැමතිම චිත්‍රපටයනම් 1997 වර්ෂයේ රග පෑ As Good as It Gets නම් චිත්‍රපටයටයි.එහි ලේඛකයෙකුගේ චරිතයට රගපාන මොහු ගේ සහ නපුංසයෙකු,බල්ලෙකු සහ වේටර්වරියකු ගේ අපූරු මිතුදමක් වටා ගොතා ඇති මේ කථාව ඔස්කාර් සම්මාන 7ක් වෙනුවෙන් නිර්දේශ වී ඇති මෙය එයින් සම්මාන දෙකක් දිනා ගැනීමටද සමත් වී තිබේ.එමෙන්ම 
The Shining චිත්‍රපටයේ දුශ්ටයාගේ චරිතයට පන පොවන මොහු ගේ රංගන හැකියාව නිසාම මෙය එතෙක් මෙතෙක් බිහි වූ හොදම horror චිත්‍රපටය ලෙසද හැදින්වේ.

මීට අමතරව මොහු රග පෑ චිත්‍රපට අතර A Few Good Men ,Bat Man,
The Departed,විශේෂ තැනක් ගනී.