
හරි කතාව මේකයි. පොඩි ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔහුට අද්භූත බලයක් තියෙනවා. මොහු ඒ ගැන කාටවත් කියන්නෙ නෑ. ඒත් දොස්තර කෙනෙක් මොහුත් එක්ක යාලු වෙනවා. අන්තිමට මොහුගෙ රහස ඔහුට කියනවා. මුලින් එය විශ්වාස නොකරන ඔහු පසුව ඇතිවෙන සිදුවීම් නිසා එය විශ්වාස කරන්න සිදුවෙනවා. ඒ රහස මොකක්ද? මොහුට එයින් ගැලවෙන්න පුලුවන්ද? ඒ විතරක් නෙමේ යාලුවනෙ මේකෙ අවසාන කැල්ල නම් සුපිරි. කව්රුවත් නොසිතන දෙයක් තමා සිදු වෙන්නෙ. කොහොමද කියනවානම් ඒ කොටසේ දි මාවනම් ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා. කතාව කිව්වාම වැඩක් නැති වෙනවා… මෙක අපි හැමදාම දකින විදියේ එකක් නෙමේ. වෙනස් ම විදියේ එකක්. මේකේ ඉන්නෙත් සුපිරි තරු ටිකක්… පොඩි ලමයාගෙ චරිතෙට ඉන්නෙ A.I.එකේ එහෙමත් නැත්තම් Steven Spielberg ගේ Artificial Intelligence එකේ හිටපු Haley Joel Osment. දොස්තරගේ චරිතෙට ඉන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Bruce Willis [Die hard movie දැකලා ඇති නේ]. ඔයගොල්ලෝ බාගෙනම බලන්න. මේ movie එකනම් ගොඩක් අය බලලා ඇති. නොබලපු අය බලන්නකෝ. තව එකක්, හොඳට තේරුම් යන්න English subtitle එක්ක බලන්න…
704 MB කොපියට මෙතනට කොටන්න.
No comments:
Post a Comment